Thursday, March 22, 2012

මේක් අප්

ඔන්න බොලව් කාලෙකට පස්සේ හිතුන බොලාට පොඩි කතන්දරයක් කියන්නය කියල මේක මටම උන මාර සීන් කෝර්න් එකක්ලු හොදද?
 
මම අද කියන්න යන්නේ අපේ මේ බවලත් උදවිය ගැන ජුන්ජි කතා පොඩ්ඩක් හලිද?
 ඔන්න බොලව් මම මීට ටිකක දොහකට උඩදී කනත්තේ ඉදන් ගෙදර එන්නය කියල අර පාරේ යන බස් යන්තරේකට ගොඩ උනා :D 
ඔන්න ඉතින ආයිබෝවන් තමුන්නහෙලට කියන්න ඒ වෙලාව බස් යන්තරේ කට කපල සෙනග සූ .................................................................... ගාලා,
 
ඔන්න ඉතින් පොඩ්ඩ දොහක් බස් යන්තරේ ඇතුලේ හිර වෙලා තෙරපිලා තැලිලා පොඩිවෙලා ඉදල ඉදල මටත් වාදී ගන්න සීට් කෑල්ලක් අහු වෙච්චි,
ඉතින් මම ආයිබෝවන් දැන් සැප කනේ තියන් වැදීගෙන එහෙම එනකොට ඔන්න ටික දුරක් යන කොට මගේ එහා පැත්තේ සීට් කොටහේ නාබර ගැටිස්සියෙක් වාඩි ගත්ත වගේ මට නිකන් දැනුන දැනුන වගේ. අලුගෝසුව උනාට ඉතින් මමත් ආයිත් අහල සුපිරි පැණිය කියල මගේ ඔය අනිත් යාලු මිත්තරාදියෝ කියනවා අනේ නෑ බොලව් මම හරි අහිංසක කොලු පැටිය මෙහෙම හිටියට,
 
 ඒවා වැඩක් නෑ ඉතින් ඔන්න මාත් ඉතින් දැන් හොර ඇහැ දාල ලාවට බැලුව ඇස් කොනින් කව්ද මේ වැඩි ගත්තු ගැටිස්සි කියල ;) ඔන්න ඉතින් ආයිබෝවන් මම ලාවට වගේ ඒත් දැක්කේ ගැටිස්සියෙක් තමා මට දැන් පට්ට ෂුවර්. ඇගට අලුන කලිසොමක් ඇදන්, නියපොතු පාට පාටින් පාට කරලා එහෙම කාරිය දැන් මෙයා ඉන්නේ
 
ඔන්න ඉතින් දැන් මට බෝම තදියම කව්ද මේ කියල බල ගන්නකන් මම එහාට අබරුන මෙහාට අබරුන වැඩක් උනේ නෑ මුනත්තහඩුව පේන්නෙම නෑ
මම ඒ පාර වෙන දෙයක් වෙද්දෙන් කියල කෙලින්ම බැලුව ගටිස්සිගේ මුනත්තහ්ඩුව දිහා .....:D
කියනවට විස්වාස කොරන්න ආයිබෝවන් මම මේ කනත්තේ වැඩ කරන මිනිහ බොරුවක් පුරාජේරුවක් නෙමේ ඕන තරම් හොල්මන් එහෙම කාරිය දැකල තියෙනවා :O
 
කිරි අප්පට ඩෝග් බාර්ක් කිව්වලු බොලේ මම ඒ මුනත්තහඩුව දැකල බය වෙච්චි බයවිල්ල මගේ ජීවිතේට වෙලා නෑ බොලව් :O
හිතා ගන්න කාරිය පුලුවන්ද මොකක්ද මම දැක්කේ කියල? :D
යකෝ ඒකි අවරුදු 65ක් විතර කාරිය වෙන නාකි උන්දා කෙනෙක් ආයිබෝවන් මට සහලෝල උනා ගත්තු නැති අස්වැසිල්ල විතරයි ඕන්.......... :D
 
ඇත්තට ආයිබෝවන් මම මේ අහන්නේ අද කාලේ ඉන්න නාකි ඇත්තියන්ට අමු කැවිලද හැබෑටම මම අහන්නේ? ඇයි තමන්ගේ හැබෑ පෙනුම තියාගෙන ඉන්නේ නැතුව තිරිහන් වෙන්න ගිහින් යක්ෂ රූප මවන්නේ??????????????????????
 
කොමෙන්ටුවක් දැම්මේ නැත්තම් රෑට ඇවිත් බය කොරනවා හොදේ....... :D

Monday, March 12, 2012

අපේ කාලයේ robin hood

අලුතින් බ්ලොගක් ලියන්න ගත්තම හරි අමාරුවක් දැනෙන්නේ :D අලුත් පොස්ට් එකක් දානකම් ඉවසිල්ලක් නැහැ හෙහෙ. වල බයිලා කියවන්නේ නැතුව මම
දැන් කෙලින්ම සීන් කෝර්න් එකට එන්ටර වෙන්නම්කො ඕන්න එහෙනම්.. මාත්තුරුකාව දැක්කම ඉතින් කස්ටිය දැන් හිතන් ඇති මම මේ ශේර්වූඩ් ඉන්න කැලේ
 අපේ දුරින් නෑයෝ වෙන robin අය්යා ගැන කියන්න යනවා කියල (මිනිහ ඇත්තටම අපේ නෑදෑයේක් නම් මම මෙහෙම ඉදියිද බං?) 
ඕන්න මම ඉතින් දැන් මිනිහ ගැන නෙමෙයි කියන්ට යන්නේ. මම කියන්න යන robin hood ඉන්නේ මේ අර මෝදරය කියන ගමේ.

කස්ටිය දැන් ආත බූත
නැතුව බලන්න එපා robin hood කිව්වට මිනිහ විදින්නේ ඊතල නෙමේ අපි මේ කතා බහ කරන වචන :D

කොටින්ම කියනවනම් මිනිහ වචන දහයක් කතා කලොත් නමය හමාරක්ම අපේ බෙලි කැපිල යන්න, අපිට උන් හිටි තැන් අමතක වෙන්නම විදිනවා. මම ඉතින් දැන් මේ මෙච්චර
 සම්ප්රපපරලාප කියා කියා ඔහෙන් වරෝ එන්න හදන්නේ මිනිහ විදපු සුපිරිම වචන ටිකක් ඔයාලට කියන්නය කියල.


පළමු විදිල්ල :-
ඔන්න ඉතින් අපි ඉක්කෝලේ යන කාලේ A/L වලට කොලේ විද්දියා විසයන්ලු හොදේ. ඒ කාලේ අපිට ඉතින් ඔය රසායන විද්දියා පරායෝගික පරීස්කන එහෙම තියෙන
 දවස් වලට පුදුම ඇල්මක්, ලෙන්ගතු කමක් තියෙන්නේ ඒ තරමට ආදරෙයි අයිස් ගැසීමට. ඕක නෙමේනේ මම දැන් කියන්න හැදුවේ නේද?
 ඔන්න දැන් මේ practical  දවසක (practical එක මොකක්ද කියලනම් මතකත් නෑ) අපිලට ඉතින් අපේ teacher කිව්වා Sulpuric acid
තියෙනවා ලැබ් එක ඇතූෙල කෙනෙක් ගිහිල්ල අරන් එන්න හැබැයි HCL acid එක නම් ගෙන්න එපා වැඩක් නැහැ එක ගෙනාවට කියල.
 ලැබ් එකට යන්න චාන්ස් එකක් ලැබෙන්නේ බොහොම කලාතුරකින් හරියට නිකන් හාවා හද දකිනවා වගේ තමා. ඉතින් දැන් අපේ මේ විදීමේ ශුරයා ගිය ලැබ් එක ඇතුලට මිනිහ ගිය
 සැනින් එලියට ආවා මිස් Sulpuruic  එක ඉවර වෙලා වෙන එකක් තියෙන්නේ කියල බෝතලේකුත් උස්සන්. මු දැන් මේක අතේ
තියාගෙන අපි ලගින් යනකොට අපි දැක්ක මු මේ ගෙනත් තියෙන්නේ HCL බෝතලේ අපි මුට කිව්වා ඇයි යකෝ දැන් උබට කිව්වා නේද
HCL එක ගෙන්න එපා කියල? මු නිකන් හරියට ජපන් වදුරෝ රැලක් දිහා බලන්නා වගේ අපේ මුණු දිහා බලල කින්ඩි හිනාවක් දාල එහෙම කියනවා "හොදට බලහල්ල මේ HCL
නෙමේ ගොන්නුනේ මේ  Hydrochloric acid !!!!!!!!!!!!!!!!!!!!!"


දෙවන විදිල්ල :-
ඔන්න මේකත් ලැබ් එක අතුලෙදීම practical වලදී සිස්ද උණු සීන් කෝර්න් එකක්!! අපි දැන් practical  එක කර කර ඉන්දැද්දී අපේ physics
සර් ඇවිත් අපෙන් අහනවා "ආහ් මම ඒත් බැලුව මොකද කට්ටිය සද්දයක් නැත්තේ කියල, මොකක්ද practical එක? "
එතනදිත් ඔන්න අපේ පොර පැනල උත්තර දෙනවා අපි මේ කෝලින් හදනවා සර්! (අපි එදා හද හදා හිටියේ Chlorin ) 


තෙවන විදිල්ල :-
අපේ මේ පොර මාර ආසයි ජගුඅර් කාර් එකට හොදද? ඕන් ඉතින් දවසක් අපි කස්ටිය නුගේගොඩ ක්ලාස් ඉවර වෙලා පාරේ එනකොට සිල්වර් පාට ජගුඅර් එකක්
 එනවා අපේ ඉස්සරහට,අපේ එකා ඒක පෙන්නලා කියපි අර බලපන් සිංහයා පනින ජගුඅර් එකක්! හෆෝයි...........
ක්ලාස් එකේ කෙල්ලෝ දෙනෝ දාහක් ඉස්සරහ අපිටත් එක්ක චොර පැකට් ගොඩයි


සිව්වන විදිල්ල :-
මේක මේ බොහොම මෑතකදී සිස්ද උණු සීන් කොරන් එකක් ඔන්න, ඔන්න ඉතින් අපි දැන් ඉක්කෝලේ ගිහිල්ලත් ඉවරනේ වැඩිය කස්ටිය සෙට් වෙන්නෙත් නැහැ ඔය හන්ද
 ඔන්න මම ගෙදරට වෙලා ෂපාන් එකේ නින්දක් දා ගෙන ඉන්දැද්දී කන අස්සෙම රින්ග් වෙනවා මගේ හුචක්කුව, කව්ද බලනකොට මෙන්නාපේ පොර කතා කරන්නේ!
මම "ආහ් මචන් කියපන් ඇයි?"
පොර "අඩෝ මට පොඩි උදව්වක් කරපන්"
මම "කියපන්, කරන්න පුළුවන් දෙයක් නම් ඩෙෆා"
පොර "අඩෝ මට මේ අලුතින් bike එකක් ඇවිත් තියෙනවා බන් එකේ විස්තර ටිකක් හොයල දියන්කෝ"
මමත් ඉතින් ඇදෙන් නැගිට්ට නෙමේ නැගිට්ට උනා. bike  කියන්නේ ඉතින් මගෙත් පට්ට ආසා topic එකක්නේ.
මම "අඩේ කියපන් මොකක්ද bike  එක?"
"මොකක්ද ජාතිය?"
පොර "නෑ බන් මේක normal bike එකක් බන්, ඇයි උබ දන්නේ නැද්ද තාම, Bajaj එකෙනුත් pulser එකක් ගහල බන්"
මම ෆෝන් එක කනෙන් අහක් කරලා බැලුව display  එක දිහා, ආපහු කනේ තියා ගත්ත
"නොදෝමකින් වල් ගෝතය තියපිය ෆෝන් එක" කියල අපහු නිදා ගත්ත.

තව ඒවා තියෙනව ඒවා පස්සේ දවසක කියන්නම්කො. කොමෙන්ටුවක් දන්නා හොදේ කියවල බලල නිකන් යන්නේ නැතුව :D

කෙල්ල කැමතිලු

හාහ් ඔන්න එහෙනම් අලුගෝසුවත් ඉදල ඉදල පටාන් ගත්ත බ්ලොගක් ලියන්ටය කියල.... ඔන්න අනේ ඉතින් මම වැඩිය බ්ලොග් ගැන දන්නේ නම් නෑ මේ ලියන්න කියල පටන් ගත්තට.... වැරදි අඩු පාඩු එහෙම තියෙයි ඒවා ටිකකට නොසලකා අරිමු නේද? හරි හරි අම්මෝ ඔන්න මුණ රතු වෙලා!! මම දැන් කතාවට බහින්නම්කො එහෙනම්...........
මේ කියන්න යන කතාව මගේ හොදම යාලුවෙක්ට උනු වැඩක්ලු හොදේ.... ඌ ඉතින් තාම advanced level පලවෙනි පාර අනාගෙන දෙවෙනි පාරත් කරන පොඩි එකෙක් තාම, අපි ඉතින් ඔය ක්ලාස් එහෙම යන්නේ නුගේගොඩට තමයි(ගිහිල්ල තියෙන අය  ඉතින් දන්නවනේ රගේ :D) ඔන්න මම ක්ලාස් යන්නේ physics උගන්වන ගුරුවරු අතරේ ඉන්න සුපිරිම පොරක් කියල කස්ටියම recomend  කරපු පොරක්  ලගටලු හොදේ(මෙයා සාපේක්ෂව වෙනස්ලු ) ...... මේ සර්ට නුගේගොඩ අලුතින් හදපු institute එහෙකුත් තියෙනවලු ඔන්න. ඔය විස්තර ඇතිනේ? කාටවත් තාම මීටර් නෑනේ :D.. (
අපහු පිට පැන්නද මන්ද)
ඔන්න ඉතින් මම මේ කියඅන්න යන බුවා ක්ලාස් යන්නේ යාලුවෙක් එක්කලු. මේ අනිත් බුවා ඉතින් හැමදාම bus halt එකට එන්නේ පරක්කු වෙලාලු අපේ බුවටත් ඉතින් තනියම යන්න බැයිලු කම්මලියිලු. ඔන්න ඉතින් දැන් කොහොම හරි අනිත් බුවත් අවට පස්සේ දෙන්න දැන් හොදටම පරක්කු වෙලා යනවලු ක්ලාස් එකට.  මුලින්ම කියන්න අමතක උනානේ අපේ මේ කතාවට සම්බන්ද බුවා කෑල්ලකගෙන් අහලාලු, එයා බෑ කියලලු එයත් මේ ක්ලාස් එකේමලු.... :) ඔන්න ඉතින් දැන් අපේ බුවාලා දෙන්න පරක්කු වෙලා ක්ලාස් එක ලගට ගිහින් කතාවට සම්බන්ද පොර යාලුවට කිව්වලු ''තෝ හන්දනේ දැන් පරක්කු උනේ පල ඉස්සරහින්" කියල, යාලුවත් ඉස්සර කරගෙන දැන් ඔන්න අපේ බුවා එනවලු ක්ලාස් එකට, ඇවිත් දෙන්න සර් දිහාව බලල කිච හිනාවක් දාල ක්ලාස් එක ඇතුලට එනවලු, සර් එක පාරටම කිව්වලු "ඔය දරුවෝ දෙන්න ටිකක් එන්න මේ ඉස්සරහට" කියල,  දැන් ක්ලාස් එකේ ළමයි 2000ක් විතර මුන් දෙන්න දිහා බලාගෙනලු, කෙල්ලෝ 800ක් විතරලු, අපේ බුවා දැන් නෝන්ඩිය බලන්නේ නැතුව වැඩර් වගේ ගියාලු stage එක ලගට.
ගියාම සර් අහනවලු "පුතේ කොහේ ඉදන්ද එන්නේ?" 
අපේ බුවා "මෝදර ඉදන් සර්"
සර් "මෝදර! මේ ලගනේ, ඇයි පරක්උ"
අපේ බුවා "සර් පාන්දර පහට සර් පලවෙනි බස්  එක තියෙන්නේ, ආහ් නෑ නෑ පහ හමාරට සර් "  
දැන් මුළු පන්තියම දෙදරුම් කන්න කොල්ලොයි කෙල්ලොයි හිනා වෙනවලු මූ උත්තර දෙන විදිහට.
සර් "එහෙමද? ඉතින් පහ හමාරේ බස් එකේ එන්න ඕනනේ පුතේ "
අපේ බුවා "එකේ තමයි සර් ආවෙ අද පාරේ මාර traffic සර්"
සර් "හා එහෙනම් යන්නකෝ ක්ලාස් එකට අදට, ඊලග දවසේ කලින් එන්න ඕනේ හොදද?"
අපේ බුවා "හොදයි සර්"  
එක නෙමේ දැන් සීන් එක දැන් ඔය සීන් එකෙන් පස්සේ අපේ බුවාට කැමති නෑ කියපු බුවී දැන් දැන් අපේ බුවා දිහා බලනවලු, බස් එකට නගින්න කලින් බුවා දිහා බලනවලු යන්නම් කියන්න වගේ. හේ හෙහ්හේ දැන් අපේ බුවා බුවීට ගණන් උස්සනවලු,
බ්ලොග් එක චාටර් වගේ නේද? කමක් නෑ ඉතින් මගේ පල්වෙනි එකනේ අදහස් උදහස් කියන්න හොදේ......