Tuesday, April 10, 2012

මොකක්ද මේ උනේ

අනේ මන්ද කාලෙකින් බ්ලොග් එකක් ලියන්නේ, මේක ලියන්න මටත් හිතුනේ මේ ලගදි පත්තරේක දැකපු ලිපියක් හන්ද
 මම මේ ලියන්න ගියේ................... මොකක්ද මේ වෙලා තියෙන්නේ කියල හිතා ගන්නවත් අමාරුයි!! 
 
 
මෙන්න මේකයි කතාවට පුර්විකාව අපි කව්රුත් බොහොම අසාවෙන් එනකම් 
බලන් ඉන්න කාලයක් තමයි සිංහල හින්දු අලුත් අව්රුද්ද කියන්නේ,
අලුත් අවරුදු කාලේ කියන්නේ ඉතින් ජාති ආගම් බේදයක් නැතුව හැමෝම සන්තෝසෙන් ගත කරන කාලයක්නෙ. 
ඇත්තට අපි මේ සමරන අලුත් අව්රුද්දෙ තේරුමක් තියේද?නැහැ වරදවා හිතන්න එපා මම මේ කියන්නේ අපි මේ දැන් සමරන අලුත් අව්රුද්දෙ තේරුමක් තියේද කියල.
 
 
නිකමට හිතන්න වෙනදට අපි කොහොමද අලුත් අවරුදු කාලේ ඇවිල්ලය කියල දැනගන්නේ? ඒ දවස් වල ගමේ නගරේ කියල බේදයක් නැතුව අපිට අවරුදු ඇවිත් කියල මතක් කරන්නේ කොහා! ඉතින් ඇයි මේ සැරේ කොහා අපිට කෑ ගහල කියන්නේ නැත්තේ ඇව්රුදු ඇවිල්ල බව? ඇත්තටම කෝ මේ කොහා? අපි ඕක විද්‍යාත්මකව ගත්තොත් කස්ටිය කියන්නේ මේ බක් මාසේ කිට්ටු වෙන කොටලු කොහා එයාගේ වර්ගය බෝ කරන්න මුලාරම්බය ගන්නේ ඒ කියන්නේ කොහා ඒ ඇව්රුදු කාලෙට කොහෝ කොහෝ කියල කා ගහන්නේ එයාගේ ගැහැණු සතෙක්ට අරාදනා කරන්නලු (මොකටද අරාදනා  කරන්නේ කියල කොහාගෙන්ම අහගනිල්ල)
 
 
ඉතින් පොඩ්ඩකට හිතන්න ඇයි අපිට මේ ස්වාබාවධර්මයේ ලස්සන දේවල් නැති වෙලා තියෙන්නේ? මොහොතක් කල්පනා කරන්න මේවා අපේම වැරදි නෙමේද? ගෝලීය උණුහුම වැඩිවෙලා මිනිස්සුන්ගේ ජිවිත තරගයකට සමාන වෙලා මිනිස්සුන්ගේ ජීවන චක්‍රයේ ලොකු වෙනසක් ඇති වෙලා අන්න ඒ වෙනස කොහාගේ ජීවන චක්රයටත් බොහොම තදින් බලපාල (කොහාගේ විතරක් නෙමෙයි ඉතින්) ඉතින් මේවා අපේම වැරදි නෙමේද?
 
 
තව දෙයක් මේ කොලබ බහුතරයක් අව්රුද්ද කියල මේ සමරන බහුබූතේ මොකක්ද? අප්‍රේල් පල වෙනිදා ඉදන්ම ඇදුම් කඩ ගානේ රස්තියාදු වෙලා වෙලා මොකක් හරි කඩේකින් රුපියල් සීයකට කැව්ම් ගෙඩි දහයක් පහළොවක් අරන් ගෑස් කුකර් එකේ සාස්පානක කිරි උතුරවන එකද අව්රුද්ද කියන්නේ?
ඒ දවස් වල අපේ ආච්චිලා සීයල අව්රුද්ද සමරුවේ කොච්චර ලස්සන විදිහටද කියල මම ඉතින් කියන්න ඕනේ නෑනේ මේ දවස් වල හුගක් කතා බහට ලක් වෙන මාතෘකාවක්නේ මේක ඒවා පැත්තකින් තියමුකෝ ඒ දවස් වල ගමට ගියහම ගමේ තියෙන පරිසරේ ලස්සන ටිකක් මතක් කරන්න! ගමේ හුගක් තැන් වලින් ඒ දවස් වලින් ඇහෙන රබන් පද වෙනුවට දැන් ඇහෙන්නේ මොනවද? කොහෙන් හරි උස්සන් ආපු setup එකකින් ඇහෙන DJ music තමයි දැන් ඇහෙන්නේ ඒ දවස් වල ඇව්රුදු උත්සවේකට ගියහම තියෙන ලස්සන ටිකක් මතක් කරන්න කෝ ඒ ලස්සන අද තියෙන ඇව්රුදු උත්සවවල? උත්සවේ අන්තිමට බෝතල් පාටියක් තියල කනමදයෝ වගේ බීල වැටිලා ඉන්න එකද අව්රුද්ද කියන්න?
 
 
ගමක ඉඅපදුනු කෙනෙක් නම් ඇස දෙක ටිකක් වහගෙන මතක් කරන්න ඒ කලේ ගමේ තිබුණු අවට පරිසරය? කෝ අද ඒ පරිසරය, බලන බලන අත නගරෙටත් වඩා බිල්ඩින් ගමේ පිරිලා අධිවේගී මාර්ග ඉදිවෙලා, යකෝ කොටින්ම කියපියව් වෙනදට මේ කාලෙට අකුණු ගහනවා බක් මහා අකුණු කියල දැන් ඒ අකුනක්වත් ගහනවද හරි හමන් ව්දිහට?
  අද ගමෙත් ඒ ලස්සන නැති වෙලා කලාතුරකින් එහෙමත් ගමක තමයි තවමත් ඒ පරිසරේ ලස්සන දකින්න පුළුවන් වෙලා තියෙන්නේ දැන් අපට, වේගයෙන් දියුණු වෙන මානව සමාජයක අපේ ගම්බිම් එක විදිහක බිල්ලක් වෙලා. තව ටික කාලයක් යනකොට අලුත් අව්රුද්ද කියන එක හතර පහ වසරවල් වල ඉන්න පොඩි උන්ගේ පෙළ පොත් වලටම විතරක් සීමා වෙලා යාවි (ඒකත් කියන්න බැහැ ඒ වෙනුවට 2500 ජීවත් වෙන හැටි දායිද දන්නේ නැහැ)
 
 
තව කියන්න දේවල් තියෙනවා 1000 විතර එත් වෙලා නැහැ මාවත් ජීවත් වීමේ තරගෙට අහුවෙලා ක්ලාස් එකකවත් ඇව්රුදු කියල නිවාඩුවක් නැහැ, එක අතකින් තරගයක් නෙමේ සුනාමියක් අපිවත් නොදැන අපිව ගහගෙන යනවා
ඇත්තටම හිතපල්ලා මොහොතකට ඔය කොහේ හරි තියෙන තුත්තිරි ගහක් හරි බදාගෙන ගහගෙන යන එක ටිකකට හරි නවත්යිනේ!!! හිතපල්ලා කව්ද ඇත්තටම මේවට වග කියන්න ඕනේ?????????

4 comments:

  1. අම්මට සිරි මූ ග්‍රාමීය වෙලානේ මේ මේකේ ලින්කුව බුකියේ දාපන්කෝ.

    ReplyDelete
    Replies
    1. ඔබේ සැප මගේ සතුටයි කියල ඔන්න ඳැම්මා

      Delete
  2. අප්පද බොල.. සිරා...

    මේ පැත්තේ ආවමද කොහෙද.. ජය පතමි !

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි සහෝදරයා ඔබතුමන්ලාගේ වචන මට හයියක්, නැහැ සහෝ ඔයා කලිනුත් මෙහෙ ආවා :D

      Delete