Sunday, June 3, 2012

ඇත්තටම කාගෙද හැදිමිටේ

පිස්සු හැදේ නේද? ගිය මාසෙටම දැම්මේ පොස්ට් දෙකයි. බොරු ඕනේ නෑනේ ලගකදී ඉදල මීටරේ හෙනට අවුල්. මම දන්නෙත් නෑ මට මොන බනානා ෆ්ලවර් එකක් වෙලාද කියල. කාලෙකින් ඉතින් ගජබින්නයක් අත ඇරියේ නැති හන්ද අද හිතුන මොනවා හරි කොටල යන්නය කියල.



මේක උනේ මිට ටික දොහකට උඩ අපේ ගෙදරදී අපි ඉතින් බොහොම දුප්පත් මිනිස්සු නිසා ලාම්පු තෙල් ලිපෙන් තමා තම්බන එව්වා ඇරෙන්න අනිත් එව්වා උයන්නේ, අපේ තාත්ත තුමා වැඩ කරන්නේ තෙල් වලට සම්බන්ද තැනකලු ඈ.... ඔන්න ඉතින් දවසක් තාත්ත තුමා ගේනවා අමුතු ජාතියක ලාම්පු තෙල් වගයක්, මෙව්වා නිකන් වතුර වගේ සුදු පාටයි, (අර ඉස්සරම කාලේ තිබුන එව්වා වගේ) නිකන් හම්බෙන අස්පයගේ දත් ගනින්න ඕනෙද නේද? අපේ අම්මතුමිත් දෙපාරක් නොහිත බඩු දැම්ම ලාම්පුවට!!!! එලම තමා නිකන් සින් සින් ගාල පත්තු වෙනවා, (සිරාවටම සුපිරි තෙල් ඒවා ගදත් නෑ එච්චර)

 ඔන්න ඉතින් දවස් දෙක තුනක් ගිහින් අපේ අම්මතුමි තාත්ත තුමාට කෝල් කරලා පැමිණිලි කරනවා ලිපේ තිර ඉවර වෙලාද කොහෙද එනකොට තිර ටිකක් ගේන්නය කියල, තාත්ත තුමා කියනවා ලිපේ තිර ඉවර වෙන්නේ කොහොමද මේ ලගදිනේ තිර දැම්මේ හොදට බලන්න කියල (එදා අම්මතුමිට ටිකක් මල පැනල හිටියේ මොකක් හරි සිද්දියක් හන්ද). කියන්න ඕනේ නෑනේ අම්ම තාත්ත එක්ක පරල උනාම ඉතින් අහල පහල ඉන්න අපිත් නිකන් තැලෙනවනේ, මට කිව්වා පුතේ මේ ලිප පොඩ්ඩක් බලනවද කියල, මම ඉතින් වෙනද වගේ ගණන් උස්ස උස්ස හිටියේ නැතුව ලබු කාපු උගුඩුව වගේ ගිහින් ලිප බැලුව!!! කිසි අව්ලක් පෙන්නනම් නෑ!! හොලවල බැලුව තෙල් තියෙනවද කියල, ඒත් අවුලක් නෑ කට කපල තෙලුත් තියෙනවා!!!! මම කිව්වා නෑ අම්මේ ලිපේ අවුලක් නෑ කියල, කෝකටත් සැකේට තෙල් ටිකක් එලියට හලලා ගැහුවා ගිනි කුරක්...... 

ප්ස්ස්ස්ස්ස්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! වතුරේ එබුවා වගේ නිවුන, අපේ අම්මතුමි බක බක ගාල හිනා වෙනවා, මම බැලුව මොකද බොලේ තරහ වැඩිකමට ඔලුවවත් අවුල් උනාද? වසල හමාරයි ඉතින් කියල... 
අම්ම මට කියනවා "කාගේද  කියන්නේනම් මොලේ හැදිමිටේ කියල?"
හා මෙන්න පුරුස පක්සේට හෙන මඩක් වැදෙන්න යනවා කියලනම් මට තේරුණා, මම ඒත් මොකාද එකා මොනවද එව්වා ගිල්ල වගේ බලන් හිටිය
"තාත්ත වෙනදට කුස්සිය පැත්ත පළාතේ එන්නේ නෑ, ඊයේ ඇවිත් ලිප හදල යනකොට මට පව් කියලත් ගියා"
මම ෆුල් හොල්මන්
"අන්න අර තෙල් බෝතලේ ගන්නවා අනේ, මේ මනුස්සය මේකට කට කපල වතුර බෝතලයක් හලලා තෙල් කියල!!!!!!!!"

19 comments:

  1. හපොයි දෙයියනේ.....හික් හික්....

    ReplyDelete
  2. පාටේ වැරද්ද.....

    ReplyDelete
    Replies
    1. එකනේ බන්, මේ පැත්තේ ආවමද කොහෙද නේද? ස්තුතියි ඈ

      Delete
  3. හොඳ වෙලාවට පාට තියන තෙල් තියෙන්නෙ නැත්නම් වතුර කියලා බොන්න බැරිත් නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් බන් තාත්ත දැන් බෝතලේ පැත්තකින් තියල තියෙන්නේ මට අහු නොවෙන්න. ඔය වගේ සිද්දියක් මට උනා පොඩි කාලෙ වතුර දාල තිබ්බ බෝතලේට තෙල් දාල තිබිල කටේ හලාගෙන බීගෙන බීගෙන ගියා. ගද බලද්දී දැනුනේ තෙල් කියල :D

      උබත් මේ පැත්තේ ආවමද කොහෙද නේද? ස්තුතියි ඈ

      Delete
  4. තෙල් ගණන් කාලේ එක්කත් හොදයි බං

    ReplyDelete
    Replies
    1. පත්තු වෙනවනම් පට්ට තමා සහෝ :D

      ජය වේවා!!!!

      Delete
  5. පාටෙ වැරැද්ද තමා ඒක නම්..
    රසවත් කතාවක් මල්ලී...(කියවන අපට නම්)
    මම ඉන්න තැනම වතුර කියලා වැරදිලා අර සුදු පාට ගම් උගුරක් බිව්වා කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. සිකෙයියා කට ඇලුනේ නැද්ද? :D

      Delete
  6. මම දවසක් තිනර් බිව්වා බං වතූර කියලා.දවස් දෙක තූනක් කට හිරිවැටිලා තිබුනා.

    ReplyDelete
  7. වැරදිමකින් බල්ලන්ගේ ලිපියෙන් බාගයයි වැටුනේ දැන් නිවරැදි කලා.සම්පුර්න ලිපිය බලන්න ආයෙත් එන්න.
    එල් බෝඩ් කාරයට අනුකම්පා කරන්න

    අටම්පහුර

    ReplyDelete
    Replies
    1. හෑ ගදවත් දැනුනේ නැද්ද බොලේ?

      අනිවා එන්නම් සහෝ

      Delete
  8. හූ ඈ

    උබට වෙච්ච දෙයක් නේ තාත්තාගේ පිටට දැම්මේ? :)

    ReplyDelete
    Replies
    1. අනේ පල ඩෝව් යන්ට :D උස්සන් යනවා කනත්තට හරිය :D

      Delete
  9. හි හි හී දැන් ඉතින් පාටෙ වැරැද්දවත් කියමු ...

    ReplyDelete
    Replies
    1. මෙන්නෝ පිරිමි පස්කෙට මඩ ගහනෝ

      Delete
  10. කෙලියනේ තාප්පෙටම.... හිකිස්... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කෙලිය කෙලිල්ලට තාප්පේ ගඩොලුත් මිසින්ග්

      ඔබ තුමන්ලාගේ පිහිටෙන් තමයි රජතුමනි :P හිකිස්...... :)

      Delete