Tuesday, June 19, 2012

වල් කතාවක්(18+ පමණයි)

යකෝ හැම එකාම වල් කතා කියනව මම විතරක් වල නොවී ඉන්න එක නිකම් මොකක්ද මොකක්ද වගේනේ නේද? ඒ හන්ද මම හිතුව මමත් කියනවා කියල වල් කතාවක්!!! ඔන්න මම නොකිව්ව්වයි කියන්න එපා කුණුහරුප දිරවන්නේ නැති අය, වයස සම්පුර්ණ නැති අය මේක බලන්නේ නෑ හරිය!!(ඔය කිව්වට මුලින්ම බලන්නේ බලවයස්කාරයෝ ටික තමයි)

මම කතාවට බහිනවා ඈ එහෙනම්, එක කට්ටිය අහලත් ඇති අහල නැති අය කියවන්න(මමනම් ලගදි ඇහුවේ) ඔන්න කොල්ලෙක් හිටියලු මහා අන්ඩපාලයෙක්  (ඇම්ඩන් නෙමෙයි ඈ) මු මහා වචනරයලු හොදේ.... ඔන්න දවසක් මු යනවලු ගෙවල් ලග ඇන්ටි කෙනෙක් එක්ක පොඩ්ඩක් හන්දියට ගිහින් එන්න කියල,හුටා ඔන්න දැන් දෙන්න යනකොට මගදී පාරේ බල්ලෙකුයි බල්ලියෙකුයි මෙව්වා එකකට සෙට් වෙලාලු.... දැන් අපේ කතා නායකයා බබා වගේ ඇන්ටිගෙන් අහනවලු "ඇන්ටි ඇන්ටි මොකක්ද ඇන්ටි අර බල්ලෝ දෙන්න කරන්නේ?"
ඇන්ටිට කට උත්තර නැහැල්ලු, ඇන්ටිත් ඉතින් මු තම පොඩි එකනේ ඕව ගැන වැටහීමක් නැතුව ඇති කියල හිතල කියනවලු
"ඒ පුතේ අර බල්ලාගේ කකුලක් තුවාල වෙලානේ, ඉතින් බැල්ලි ඌව කරේ තියාගෙන එක්කන් යනවා"
මු එක පාර කියනවලු


"හැබෑද ඇන්ටි? බලන්නකෝ මෙච්චර හොද බල්ලිටද මූ මේ පණ දාගෙන _කන්නේ?"

Sunday, June 3, 2012

ඇත්තටම කාගෙද හැදිමිටේ

පිස්සු හැදේ නේද? ගිය මාසෙටම දැම්මේ පොස්ට් දෙකයි. බොරු ඕනේ නෑනේ ලගකදී ඉදල මීටරේ හෙනට අවුල්. මම දන්නෙත් නෑ මට මොන බනානා ෆ්ලවර් එකක් වෙලාද කියල. කාලෙකින් ඉතින් ගජබින්නයක් අත ඇරියේ නැති හන්ද අද හිතුන මොනවා හරි කොටල යන්නය කියල.



මේක උනේ මිට ටික දොහකට උඩ අපේ ගෙදරදී අපි ඉතින් බොහොම දුප්පත් මිනිස්සු නිසා ලාම්පු තෙල් ලිපෙන් තමා තම්බන එව්වා ඇරෙන්න අනිත් එව්වා උයන්නේ, අපේ තාත්ත තුමා වැඩ කරන්නේ තෙල් වලට සම්බන්ද තැනකලු ඈ.... ඔන්න ඉතින් දවසක් තාත්ත තුමා ගේනවා අමුතු ජාතියක ලාම්පු තෙල් වගයක්, මෙව්වා නිකන් වතුර වගේ සුදු පාටයි, (අර ඉස්සරම කාලේ තිබුන එව්වා වගේ) නිකන් හම්බෙන අස්පයගේ දත් ගනින්න ඕනෙද නේද? අපේ අම්මතුමිත් දෙපාරක් නොහිත බඩු දැම්ම ලාම්පුවට!!!! එලම තමා නිකන් සින් සින් ගාල පත්තු වෙනවා, (සිරාවටම සුපිරි තෙල් ඒවා ගදත් නෑ එච්චර)

 ඔන්න ඉතින් දවස් දෙක තුනක් ගිහින් අපේ අම්මතුමි තාත්ත තුමාට කෝල් කරලා පැමිණිලි කරනවා ලිපේ තිර ඉවර වෙලාද කොහෙද එනකොට තිර ටිකක් ගේන්නය කියල, තාත්ත තුමා කියනවා ලිපේ තිර ඉවර වෙන්නේ කොහොමද මේ ලගදිනේ තිර දැම්මේ හොදට බලන්න කියල (එදා අම්මතුමිට ටිකක් මල පැනල හිටියේ මොකක් හරි සිද්දියක් හන්ද). කියන්න ඕනේ නෑනේ අම්ම තාත්ත එක්ක පරල උනාම ඉතින් අහල පහල ඉන්න අපිත් නිකන් තැලෙනවනේ, මට කිව්වා පුතේ මේ ලිප පොඩ්ඩක් බලනවද කියල, මම ඉතින් වෙනද වගේ ගණන් උස්ස උස්ස හිටියේ නැතුව ලබු කාපු උගුඩුව වගේ ගිහින් ලිප බැලුව!!! කිසි අව්ලක් පෙන්නනම් නෑ!! හොලවල බැලුව තෙල් තියෙනවද කියල, ඒත් අවුලක් නෑ කට කපල තෙලුත් තියෙනවා!!!! මම කිව්වා නෑ අම්මේ ලිපේ අවුලක් නෑ කියල, කෝකටත් සැකේට තෙල් ටිකක් එලියට හලලා ගැහුවා ගිනි කුරක්...... 

ප්ස්ස්ස්ස්ස්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! වතුරේ එබුවා වගේ නිවුන, අපේ අම්මතුමි බක බක ගාල හිනා වෙනවා, මම බැලුව මොකද බොලේ තරහ වැඩිකමට ඔලුවවත් අවුල් උනාද? වසල හමාරයි ඉතින් කියල... 
අම්ම මට කියනවා "කාගේද  කියන්නේනම් මොලේ හැදිමිටේ කියල?"
හා මෙන්න පුරුස පක්සේට හෙන මඩක් වැදෙන්න යනවා කියලනම් මට තේරුණා, මම ඒත් මොකාද එකා මොනවද එව්වා ගිල්ල වගේ බලන් හිටිය
"තාත්ත වෙනදට කුස්සිය පැත්ත පළාතේ එන්නේ නෑ, ඊයේ ඇවිත් ලිප හදල යනකොට මට පව් කියලත් ගියා"
මම ෆුල් හොල්මන්
"අන්න අර තෙල් බෝතලේ ගන්නවා අනේ, මේ මනුස්සය මේකට කට කපල වතුර බෝතලයක් හලලා තෙල් කියල!!!!!!!!"