Friday, April 20, 2012

බල්ලොයි පුසෝයි



ඔන්න දැන් කට්ටිය බලනවා ඇති මූ මොකාටද මේ එන්න හදන්නේ කියල නේද? සමහරුනම් මේක කලින් අහලත් ඇති අහල නැති අය දැන් අහ ගනිල්ලා,
හරි මම එන්න හදන දේ පැත්තකින් තියල මම මේ කියන දේ කරපල්ලකෝ, මුලින්ම පුසන්ට කැමති උන් අත් උස්සපල්ලා බලන්න... :O
ඉස්සුවද? හරි අත් පාත දන්න මට මෙතන ඉන්න ඕනේ කිහිලි ගද එනවා උබලගේ  :P  
හරි දැන් උස්සන්න බලන්න බල්ලන්ට කැමති අය අත්..... අහා දැන් හරි පාත දාපියව් බොල ගදයි.... :D

හරි එහෙනම් මෙහෙමයි සීන් කොර්න් එක දැන් අපේ ගෙවල් වල බල්ලෝ, පුසෝ ඇති කරනවනේ නේද? 
අපි ඉතින් ඒ සත්තුන්ට ගොඩක් ආදරේ කරනවා කන්න බොන්න දෙනවා හුරතල් කරනවා ඔය අතරේ බොලා කවදාවත් හිතුවද ඒ සත්තු අපි ගැන මොනවද හිතන්නේ කියල?? මෙන්න මෙහෙමයි උන් හිතන්නේ 

බල්ලෝ
"මේ මිනිස්සු මට කන්න බොන්න ලගටම දෙනවා මාව ආදරෙන් බල ගන්නවා, මම මොන පිස්සුව නැටුවත් වැඩිය බනින්නෙත් නැහැ, මම අනිත් අයට සද්දේ දැම්මත් මට ගහන්නෙත් නෑ, මව ලෙඩ උනොත් වඩාගෙන ගිහින් හරි බෙහෙත් අරන් දෙනවා, මෙයාලගේ අනුකම්පාව ගන්න නැට්ට වනන්න විතරයි ඕනේ දුකින් වගේ හිටියත් ඇති මේ මිනිස්සු කියන අය මාරම හොදයි මම හිතන්නේ මේ මිනිස්සු තමයි දෙවියෝ!!!!!" 
ඔන්න ඔහොමයි බල්ලෝ අපි ගැන හිතන්නේ 



පුසෝ 
"මෙයාල මට කන්න බොන්න ලගටම දෙනවා මාව මාර ආදරෙන් බල ගන්නවා, මම මෙයාලගේ ඇගේ අතිල්ලුනත් මට මොකුත් කියන්නෙත් නෑ, බල්ලෙක් මාව හපන්න ආවත් මාව බේර ගන්නවා මට ලෙඩ උනොත් වඩන් ගිහින් හරි මට බෙහෙත් අරන් දෙනවා. ටිකක් පුරු පුරු ගෑවම මෙයාලා මාව හුරතල් කරනවා.මම මෙයාලගේ ඇදන් උඩ, කොට්ට උඩ හිටන් නිදියනවා එත් මට මොකුත් කියන්නේ නැහැ ඇත්තටම ඇයි ඒ???? මමනම් හිතන්නේ මම තමයි දෙවියෝ!!!!!!!!" 
හා ඔන්න ඔහොමයි පුසෝ හිතන්නේ 



අන්න එක හන්ද බොලව් දැක්ක තැන පයින් ගහල පුසන්ව එලවල දාන්න ඕනේ අහලකවත් තිය ගන්න එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

2 comments:

  1. උබත් පූසා වගේ නේද හිතන්නේ?

    ReplyDelete
  2. නැතුව කොහොමද බන් හිකි හිකි

    ReplyDelete