Friday, May 25, 2012

ලෙන්ගතුකම



                                                                      මගේ හදවත
                                                                      හැඩූ තරම්
                                                                      නුබෙ හදට
                                                                      නොදනුනට

                                                                      මගේ නෙතින්
                                                                      වැටුණු කදුළු
                                                                      නුබෙ නෙතට
                                                                      නොපෙනුනාට

                                                                      රෑ මැදියම
                                                                      විදි පාළුව
                                                                      නුබෙ ලොවටත්
                                                                      නොදනුනට

                                                                      තරහක් නෑ
                                                                      පෙර වගේම 
                                                                      ලෙන්ගතුයි සිත
                                                                      නුබෙ නමට 

Wednesday, May 16, 2012

බිහිසුණු ආදර කතාවක්!!!

යම් යම් දෑ දරා ගැනීමට සහ ඉක්මනින් බිය ගන්නා සුළු පුද්ගලයින් මෙමෙ පොස්ටුව නොකියවන ලෙසට මම කාරුණික ඉල්ලීමක් කරනවා. අද මම මේ කියන්න යන්නේ ඇත්තම ඇත්ත කතාවක් මීට ටික කාලයකට උඩදී මහරගම ප්‍රදේශයේ සිද්ද උණු සිද්දියක්. අපි ඔහුට විරාජ් කියල කියමු, එතකොට ඇය ඉනුෂි. ඉනුශියි විරාජුයි දෙන්න මුණ ගැහුනේ උසස් පෙළ පන්ති යන දවස් වලයි. දුටුව ගමන් කාගේත් නෙත සිත අරක මේක උල් කරන්න තරම් පෙනුමක් තිබ්බ ඉනුශිගේ හිත ගත්තු එකම කොල්ල උනේ විරාජ්. කොල්ලෝ කිව්වේ විරාජ් තරම් ලක් කාරයෙක් කොහෙවත් නෑ කියල. මේ දෙන්න හුගක් ආදරෙන් හිටපු දෙන්නෙක් උනා, මෙයාලත් අනිත් ආය වගේ රණ්ඩු උනා තරහ උනා ඒත් ඒ කිසිම ප්‍රශ්නයක් පැයකට වඩා මේ දෙන්නගේ අතර තිබුනේ නැහැ. ඒ තරමට මේ දෙන්න දෙන්නට දෙන්න ආදරේ කලා තේරුම් ගත්ත.


මේ දෙන්න වචනයේ පරිසමාප්ත විදිහටම වාසනාවන්ත යුවලක් උනේ මෙයාලගේ ගෙවල් වලිනුත් මේ දෙන්නට ආශීර්වාද කරලා තිබුන හන්දමයි. ටික කාලයක් ගියා. උසස් පෙළ සමත් උනත් මේ දෙන්නගෙන් එක්කෙනේක්ටවත් සරසවි වරම් ලැබුනේ නැහැ, එත් මේ දෙන්න සැලුනේ නෑ එයාල එයාලගේ ජිවිත සැලසුමකට ගත කලා. ඔහොම ඉන්න කොට තමයි විරාජ්ට ප්‍රයිවට් කම්පැනි එකක ජොබ් එකක් ලැබුන. විරාජ් බොහොම සතුටින් මේ අලුත් ජොබ් එක බාර ගත්තේ ඉනුශිගේත් අගේ දෙමව්පියන්ගෙත් ඔහුගේ දෙමව්පියන්ගෙත් පුර්ණ ආශීර්වාදය කැමැත්ත මැද්දේ. ටික කාලයක් ගත උනා විරාජ්ට පුහුණුවකට ඈත පළාතකට යන්න සිද්ද උනා මාස 3 ක් වගේ කාලෙකට. මේ පුහුණුව විරජ්ටයි ඉනුශිටයි ලොඔකු ප්‍රශ්නයක් උනා එක දවසක්වත් එකිනෙකා නොදක ඉන්න බැරි මේ දෙන්න කොහොමද මාස 3 ක් එහෙම ඉන්නේ? මේකට විසදුමක් දුන්නේ විරාජ්ගේ යාලුවෙක් "උබල දෙන්නත් අර ජෝඩු පැකේජ් එකක් ගනිල්ලකෝ බන්" මේ අදහසට අපේ ආදරවන්තයෝ දෙන්නත් එක පයින්ම කැමති උනා. විරාජ් මස 3 කට ඈතකට ගියා, ඉනුෂි මෙහෙ තනි උනා, ඒත් කිසිම වෙලාවක ඒ තනිකම ඇයට දැනෙන්න නොදෙන්න විරාජ් මග බලා ගත්ත. ඈතක උනත් ඒ දෙන්න ලග ඉන්නවා වගේ ලං කරන්න ජෝඩු පැකේජ් එකට පුළුවන් උනා. 


විරාජ්ගේ මස 3 පුහුණුව අවසන් වෙන්න සතියක් තියල මහා අවාසනාවන්ත සිද්දියක් සිද්ද උනා. යෙහෙලියක් එක්ක සාප්පු සවාරියක් ගිහින් ඉනුෂි ආපහු ගෙදර ආවේ මුළු ගමක්ම හවාගෙන මිනී පෙට්ටියක සැතපිලා. බීමත් වෑන් රථ රියදුරෙක් ඉනුශිගේ ජීවිතේට නැවතීම තිත තියල තිබ්බ. ඉනුෂි මැරෙන්න කලින් අන්තිම ඉල්ලීමක් කරලා තිබ්බ තමන්ගේ යෙහෙලියගෙන් ඒ............ ඇය මිය ගියොත් ඇගේ සෙල්ෆෝන් එකයි සිම් පතයි ඇගේ මිනි පෙට්ටියට දාල වහන්න කියල. ඉතින් අගේ නෑදෑයොත් ඒක ඒ විදිහටම කලා. විරාජ් මේ කිසි දෙයක් දැනන් හිටියේ නැහැ, කව්රුත් ඔහුට කිව්වෙත් නැහැ. ඒ ඔහු පුහුණුව පසක දාල අපහු එයි කියල හිතල. සතියක් ගෙව්න, විරාජ්ගේ පුහුණුව අවසන් උනා. විරාජ් අපු ගමන්ම තමන්ගේ ගෙදරටවත් නොයා ඉනුශිගේ ගෙදරට ගියේ තමන් පන වගේ ආදරේ කරන ඉනුශිගේ ආදරණිය මුහුණ බලන්න, ඇගේ උනුහුමට තුරුල් වෙන්න. එත්!!!!!!!!!!!!!!!!!!!!! මොනවද විරාජ්ට දකින්න ලැබුනේ?


ඉනුශිගේ අම්මයි තාත්තයි ඇඩු කදුලෙන් ඔහුව බදා ගත්ත, විරාජ් පුදුම උනා "ඇයි, ඇයි මේ අඩන්නේ? මොකද උනේ කෝ ඉනුෂි"
"අනේ දරුවෝ බලපන් පුතේ අපිට වෙච්ච දෙයක්........ අනේ මගේ රත්තරන් කෙල්ල අපිව දාල ගිය පුතේ.............. අනේ ඒකි ආපහු එන්නේ නෑ පුතේ.............."
මේක ඇහුන විතරයි විරාජ් කොක් හඩ දීල හිනා වෙන්න ගත්ත, 
"විහිලු කරන්න එපා අම්මේ? මට කියන්න කෝ ඉනුෂි? කොහෙද එයා එන්න කියන්න එයා හැංගිලා ඉන්න තැනකින්" 
මෙහෙම කියාගෙනම විරාජ් ඉනුශිගේ කාමරේ පැත්තට ගියා, එත් ඇය හිටියේ නෑ, විරාජ් මුළු ගේ පුරාම ඇයව හෙව්වා!!!!! එත් ඔහුට තමන් පන වගේ ආදරේ කරන ඉනුශිව හොයා ගන්න බැරි උනා. 
ඉනුශිගේ නෑදෑයෝ ඔක්කොම කිව්වා පුතේ විහිලු නෙමෙයි ඉනුෂි අපිව දාල ගිය කියල. එතකොටනම් විරාජ්ට තරහ ගියා
"මොන විකාරයක්ද මේ හැමෝම කියවන්නේ?  ඉනුෂි මැරිලා  නෑ එක මම දන්නවා. මරුනනම් කව්ද මට ඊයෙත් කතා කලේ!!!!!!!!!!!!"
ඉනුශිගේ නෑදෑයෝ පුදුම වෙලා විරාජ් දිහා බැලුව, එක එක්කෙනාගේ මුණු දිහා බල ගත්ත. හැමෝම හිතුවේ එක දෙයයි 
"ඒක වෙන්නේ කොහොමද අපි ෆෝන් එකයි සිම් එකයි පෙට්ටියට දාල වැහුවනේ!!!!!!!!!!!!!!!!!"
ඒ මහොතෙම විරාජ්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත
"මේ බලන්න මරුනනම් කව්ද මේ කතා කරන්නේ? මොකක්ද මේකේ ඇත්ත"
ඒ මොහොතේම ඉනුශිගේ අම්ම විලාප තියාගෙන සිහි මුර්ජා වෙලා වැටුන. විරජ්ටත් තේරුණා මේක විහිළුවක් නෙමේ තමයි කියල. විරාජ් ෆෝන් එක අන්ස්වර් කලා


 "හෙලෝ..."
"හෙලෝ විරාජ්....... ඔය කොහෙද ළමයෝ ඉන්නේ? මම බලන් ඉන්නවා ඔය එනකන්, ඔය එන්නේ නැද්ද පැටියෝ"
විරාජ්ට ඇහුනේ එච්චරයි, ඔහුට දැනුන තමන්ගේ වටේ තියෙන හැම දෙයක්ම කැරකෙන්න ගන්නවා වගේ, විරාජ් ෆෝන් එක ඉනුශිගේ තාත්තට දීල දෑතින්ම ඔලුව බදාගෙන බිම වාඩි උනා.
"හෙලෝ......" ඒ ඉනුශිගේ තාත්ත 
"තාත්තේ...... කොහොමද තාත්තේ?"
"අ අ අ අපි හොදින් දුවේ උබ කොහේ ඉදන්ද ඔය කතා කරන්නේ?"
"මම මේ පරලෝකේ ඉදන් තාත්තේ කතා කරන්නේ, මෙහාට හොදට සිග්නල් තියෙනවා, චාජ් කර ගන්න එක තමා ප්‍රශ්නේ මට අමතක උනානේ චජරේ දාන්න කියන්න!!!!!!!!!!!!!!!!!"


කට්ටිය බය උනා නේද? දැක්කනේ? පර ලෝකෙට ගියත් සිග්නල් තියෙනවා එක හන්ද ඔබත් අදම ගන්න ජෝඩු පැකේජ් එක!!!! :D ප්‍රමාදය පසුතැවීමට හේතු වේ. දැන්ම ගනිල්ලා..............කතාව අහල නැති ය හිනා වෙයල්ලා, අහල තියෙන ය කිති කවා ගනිල්ලා................... :D