Wednesday, April 25, 2012

අවජාතක බල්ලෙක්

දිනය :- 2012/04/25
ස්ථානය :- නුගේගොඩ ප්‍රසිද්ද ආයතනයක වලේ හෝල් එක.
වෙලාව :- පෙරවරු අටට පමණ වෙන්නට ඇත.
සිස්දිය :- විද්‍යා විෂය ධාරාවන් උගන්වන ගුරුවරුන් අතර සාර්ථකත්වයේ හිනි පෙතේ සිටින ගුරුවරයෙක් තමන්ගේ පන්තියේ ඉගැන්වීම් කටයුතු වල නිරත වෙමින් සිටින අතර මෙම පෝස්ටුව ලියන අලුගෝසුවා නිදි කිරමින් වාඩි වී සිටියි (සිතයිනේ අෆ්ප නින්ද යනවා ක්ලාස් එකේ). එක් වරම පන්තියෙන් පිටත උස් හඩින් ගීතයක් වාදනය වෙනු ඇසෙයි. මේ එතැන් පටන්........

ඉතින් දැන් මමත් ලාවට වගේ පොඩි නින්දක් ගෙන ඉන්න කොට ක්ලාස් එකේ එළියෙන් ඇහෙනවා චොර සින්දුවක් ප්ලේ වෙනවා. මමත් ටිකක් ඔලුව කෙලින් කරලා අහන හිටිය සික් විතරක් මෙලෝ රහක් නැති කක්කි ගොඩක්. අනිවා චයිනිස් කටුවක් වෙන්නම ඕනේ ඔච්චර සද්දෙට ඇහෙන්නේ.ඉතින් දැන් මේ මගුල නවතින පාටක් පෙන්නම නෑ දැන් සර් කියන එකටත් කරදරයි අස්සෙන් අර හුචක්කුව බෙරිහන් දෙනවා. එක පාරටම ඔන්න සර්ට තද උනා අසුහරදහට ගියා එලියට කස්ටියට ඉතින් හිනා මොකද සර් එලියට බැස්ස කියන්නේ ආතල් එකක් ලැබෙනවා නෙමේ ලැබෙනවාමයි :D දැන් අපේ සර් එලියට ගිය විතරයි කට්ටිය පටන් ගත්ත අගුල් වැටිලා තිබ්බ කටවල් වල අගුල් කඩන්න. ඔහොම ඉන්න කොට මෙන්න විනාඩියක් ගියේ නැහැ එළියෙන් ඇහෙනවා සර් ගිරිය පුප්පගෙන කෑ ගහනවා 
"තොට පිස්සුද යකෝ? තෝ මෙතනට වෙලා ඔය මගුල දා ගත්තම මම කොහොමද මෙතන ක්ලාස් කරන්නේ?"
"තෝ කවුරු කියලද යකෝ හිතන් ඉන්නේ?"
(පන්තියම ඩිම් වෙයි)
"මොනවද යකෝ තෝ ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ බලන් ඉන්නේ? අවජාතක බල්ලා!!!!!!!!!!!"  
(අපිට හිනා කෝටියයි)
-සර් යමක් හෙමින් පවසයි- 
"ගිහින් කියපිය තොගේ මහ එකාට"
"තෝ කොහේ යන එකෙක්ද පොල් බුරුවො?'
"තෝ යුනිෆෝම් එකෙක් ඇදගෙන මෙතන ඉන්නේ මොකටද?"
(අවේලාවේ ආයතනය තුලට රිංගු පාසල් සිසුවෙක් විය හැකි බවට අලුගෝසුවා තීරණය කරයි)
"ගහන්නේ කන පැලෙන්න බල ගනින් වල් බුරුව"
(ක්ලාස් එකම මහා හඩින් සිනාසෙයි)
සර් ආයතනයේ කාර්යාලය දෙසට යනු ඇසෙයි 

දැන් අලුගෝසුවට පට්ට ආතල් දැන් සර් පන්තියට ආවම තව පැය බාගයක් විතර යනකම් ඕකට බනිනවා ෂුවර් ෂොට්ය, ඔන්න දැන් සර් ආව පන්තිය ඇතුලට තරහින් පිපිරී පිපිරී , ඇවිත් ස්ටේජ් එකේ එහා කොනටයි මෙහා කොනටයි හයියෙන් ඇවිදලා බෝඩ් එක දිහා බලල අපහු වැඩ පටන් ගන්නට බෝඩ් එකට අත තිබ්බ. අලුගෝසුවට දැන් ඇඩෙන්න වගේ කදුළු පනින්න ඔන්න මෙන්න ( ඒ තරමට පාඩමට ආදරෙයි) හෙහෙ සර් ඔන්න එක පාරම බෝඩ් එකෙන් අත අරන් දෙන්න පටන් ගත්ත ගමකට ඇඩෙන්න :D 
"අපි මෙහෙ මේ බොහොම අමාරුවෙන් පාඩම කරගෙන යනවා මේකේ ඉන්න බූරු සිකුරිටිකාරයෝ ඒ අස්සේ සින්දු ගෙන විකාර කරනවා"
"මම දැන් කොච්චර වෙලා බලන් හිටියද මූ දැන් නවත්තයි දැන් නවත්තයි කියල, නෑ මූ මෙතන මගුලක් කරනවා"
"මේක මේ ආයතනේ වැරැද්ද දරුවෝ"
"මේකේ ඉන්න මහ එකා දන්නේ එක දෙයයි, දන්නවනේ මොකක්ද කියල? සල්ලි ගොඩ ගහන්න විතරයි දන්නේ"
"අඩු ගානේ අපට නෙමේ මේ ඉගෙන ගන්න ලමයින්ටවත් කිසිම පහසුකමක් නැහැ"
"මම දැක්ක අද උදෙත් මෙතන මේ පඩි පෙලෙන් ළමයි දෙතුන් දෙනෙක් වැටෙන්න ගියා, එත් මුන්ට ගානක්වත් නෑ මේක හදන්නවත්"
"ඔයාල නෙමේ දරුවෝ දවසක් මාවත් වැටුන ඔතනින්, ඒ පාර මම ගිහිල්ල කිව්වම එක හදල, හදල තියෙන්නෙත් තව ටිකක් වැටෙන විදිහට"
"ඊලග පර වැටෙන එකෙක් මැරෙනවා"
(හිනා ගොඩයි)
"සල්ලි ගොඩ ගහනවා විතරයි කිසිම වගකීමක් නැහැ"
"හිතුමතේට එක එක උන්ව වැඩට අරගන්නවා, මෙලෝ මොලයක් තියෙන එකෙක් නෙමේනේ එකා, මම මෙතන උගන්නනවා ඌ මහා හයියෙන් සින්දු අහනවා"
"මම තව ටිකක් හිටියනම් ගහනවා ඕකගේ කන පැලෙන්න"
"ගහල වැඩක් නැහැ දරුවෝ මෙලෝ රහක් නැහැ එහෙම්පිටින්ම බුරුවෙක්"
"ඕව ඉතින් මේකේ මහ එකාගේ වැරදි, දවසක් මට මතකයි මේ හෝල් එක ඇතුලෙම ඔය ගනු ළමයි ඉන්න පැත්තේ ෆෑන් එකක් කඩන් වැටුන ළමයින්ගේ ඇග උඩට"
"මම හිතුව ඒ පාරවත් මේක හදයි කියල, නැහැ එත් ගානක්වත් නැහැ මුන්ට"
"මම දරුවෝ මේකේ ගෘප් ක්ලාස් එකක් කරනවා අර අතන හෝල් එකේ, එකේ තියෙනවා AC එකක් එක දැම්මම එකේ පැත්තකට ඉන්න බැහැ සීතලයි, අනිත් පැත්තට ගිනි ගන්න වගේ රස්නෙයි" 
"දවසක මට හිතුනොත් මම පෝටබල් AC එකෙක් අරන් ගිහින් ඔකේ උගන්නවා, උගන්නල නිකන් ඉන්නේ නැහැ ඔෆිස් එකටත් අරන් ගිහින් පුලුවන්නම් ඒක දාගෙන ඉදගෙන ඉන්නවා නිකන් නෙමේ මේකේ මහ එකාගේ පුටුවේ" 
"ප්‍රශ්නේ කියන්නේ පුටුවක් තියෙන්න ඒක ඉන්න එපැයි මෙතන"
"නිකමට හරි මේකේ මහා එක මෙතන හිටියනම් මම එකවයි, ඔය ඔෆිස් එකේ ඉන්න උන්වයි ඔක්කොමල්ල මෙතනට අරන් ඇවිත් ඉන්දල තියනවා ක්ලාස් එක ඉවර වෙනකම් මේකේ ඉන්න තියෙන අමාරුව දැනෙන්නත් එක්කම" 
:D
"මට ඕක කියනකොට මතක් උනේ ඔය පහුගිය සතියකනේ අපේ මේ ක්ලාස් එක ඉවර වෙලා යනකොටනේ සුනාමි එන කතාවක් කිව්වේ"
"මම ඒ වෙලාවෙත් හිතුවේ මෙහාට එහෙම සුනාමියක් අවොත් මොනවා වෙයිද කියල"
"ඇයි දන්නවනේ දරුවෝ සුනාමි ඕනේ නෑ පොඩි භූමිකම්පාවක් ආවත් ඇති මේක ඔක්කොම බිමට කඩන් වැටෙනවා, ඒ තරම් හොදට මේක හදල තියෙනවා"
"කොටින්ම මේකේ අර බිත්ති වලට දාන කම්බි වෙනුවට දාල තියෙන්නේ කෙහෙල් බටද කොහෙද"
(බඩ පැලෙන්න හිනා අපටනම් :D)
"හරි දරුවෝ දැන් මේක බලන්න අර වල් බුරුව නැත්තම් දැන් මේක ඉවර කරලා පාඩමත් පටන් ගන්න තිබුන" 
ඔන්න ඔහොමයි අවජාතක බල්ලෙක් (අවජාතක බල්ලයි කිව්වේ අපහාසයක් කරනු වස් නෙවේ, වරදක් දකිතොත් සමාවෙව) අපේ ක්ලාස් එකෙන් විනාඩි 45 ක විතර කාලයක් හොරකම් කලේ

ප/ලි 
සර්ගේ නම කියන්න ඕනේ නෑනෙ සමහරුන්ටනම් තේරෙන්න ඇතිනේ. මේක ලිව්වේ එතුමාට අපහාසයක් කරන්න හිතාගෙන නම් නෙමේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම ගුරුවරයෙක් එතුමා. ඒ බව මා දැක ඇති සුපිරි බ්ලොග් කරුවන් වන සෑම්, රාජ්, සහ තවත් නම් මතක් කර ගන්න අමාරු බ්ලොග්කරුවන් විසින් සෑමාගේ පොස්ටුවක කොමෙන්ටු දමා තිබේ  (නම් මතක් කරගන්න අමාරුයි කිව්වේ මා ආධුනිකයෙක් නිසා බව කරුණාවෙන් සලකන්න :P) 

ප/ප/ලි 
එතුමාගේ ෆොටෝවක් දැමීමට සිතුනට පසුව එම අදහස වෙනස් කර ගතිමි :D (නැත්තම් ක්ලාස් ගිහිනුත් හමාරයි අදුරන එකෙක්වත් කිව්වොත් එහෙම)

4 comments:

  1. බස්නාහිර පළාතේ මෙම ගොඩනැගිල්ලේ අයිතිකරු තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

    ReplyDelete
  2. කවුද මේ ගුරුතුමා (සිතමින්)...

    ReplyDelete
    Replies
    1. සහෝ නොදන්නා බව මමත් දන්නවා :P (වෙන්න ඉන්ජෙක් දන ගන්නම විදිහක් නෑ :D :D )

      Delete