Monday, April 30, 2012

අනාගතයේ දවසක



"තාත්තේ තාත්තේ අද අපේ ටීචර් කිව්වා ලබන සතියේ ඉස්කෝලෙට එනකොට පාන් පිටි ටිකක් අරන් එන්න කියල"
"මොනවා කෙල්ලේ! පා..පා.. පාන් පිටි!!!!!"
"ඔව් තාත්තේ ඇයි?"
"හෑ පුතේ ටීචර් දැන් පාන් පිටි කොච්චරක් ගේන්නය කියල කිව්වද?"
"එක්කෙනෙක්ට ග්‍රෑම් 50 ගේන්නය කිව්වා තාත්තේ"
"මොනවා පුතේ 50 ක්ම ගෙන්න කිව්වද? මොකටද පුතේ එච්චර පාන් පිටි?"
"අපි ඉතිහාසය ගැන පොඩි ප්‍රදර්ශනයක් කරනවා තාත්තේ,ටීචර් කිව්වා තාත්තලාගේ තාත්තල චූටි කලේ මෙහෙ තිබ්බලු පාන් කියල කන ජාතියක්, අපි හෙට ඉස්කෝලේ ඒවා හදන්න හදන්නේ"
"මොනවය කිව්වා පාන්? ඒ මොනවද කෙල්ලේ ඒ?"
"අපෝ මොනවද අනේ තාත්තේ පාන් දන්නෙත් නැද්ද? අර ලංකාවේ ප්‍රබාකරන් කියල ඉදල තියෙනවලුනේ මහා භයානක ත්‍රස්තවාදියෙක්! ඒ කලේ මෙහෙ රජකම් කරපු රජතුමා ඒ ප්‍රභාකරන්ව ෆේස් ටු ෆේස්  ගහගෙන මරල අර දැන් ෆිල්ම් එකක් පටන් ගන්නකොට මුලින්ම ඉහිහසයෙන් බිදක් කියල පෙන්නන කව්බෝයි ෆිල්ම් එකක වගේ. ඒ කලේ තම පාන් ලංකාවෙන් තුරන් වෙලා තියෙන්නේ"
"අම්මද බොල දුවේ ඇත්තද බන්? අපේ ලංකාවේ ඒ වගේ සුපිරි රජ කෙනෙක් ඉදල තියෙනවද?"
"ඔව් තාත්ත, ඇයි අර අජපස්ස කියල කියන්නේ එතුමා තමයි"
"අනේ එතුමාද? එතුමා නේද අර පස්සේ කලෙක ඉන්දියාව සල්ලි වලට ගත්තේ කුමාරවරු තුන් දෙනාට මාලිගා හදන්න කියල"
"අන්න හරි තාත්තේ එතුමා තමයි, එතුමාට ඒ ප්‍රභාකරන්ව මරපු සතුටට ඒ කලේ රටවැසියෝ එකතු වෙලානේ ඉන්දියාව ගන්න සල්ලි එකතු කරලා දීල තියෙන්නේ!!!"
"එතුමාට මිනිස්සු හරි ආදරෙයිලු තාත්තේ, කොච්චර ආදරෙයිද කියනවනම් මිනිස්සු එතුමාගේ පිලිරුවක්වත් තියල නැහැ ඔක්කොම මහා නිධන් වදුල් එක්කම හංගල කියලනේ කියන්නේ"
"ආ දුවේ ඔය රජතුමාගේ ඇමති මණ්ඩලේ ඉදල තියෙන්නෙත් ඒ කලේ ලෝකේ හිටපු මහා ප්‍රාඥ්ඥයො වගයක්ලු නේද දුවේ?"
"ආයිත් අහල තාත්තේ ඇයි එතුමාගේ ඇමති මණ්ඩලේ ඇමතිකෙනෙක් තමයි අර රුපියල් 2500 මාසයක් ජිවත් වෙන්න පුළුවන් කිව්වේ! තාත්ත දන්නවද අදටත් අපේ ආර්ථික විද්‍යාව පොත් වල එතුමාගේ පින්තුරයක් තියෙනවා, හරි හුරතල් පෙනුමයි"
"තව අර තාත්ත දන්නවද දැන් ලෝකේ තියෙන හොදම සර්ච් එන්ජිම හැදුවෙත් ඒ ඇමති මණ්ඩලේ උන්නු ඇමති කෙනෙක් තමයි, එතුමා තමයි ඇමරිකාවේ දේවල් පාවිච්චි කරන එක නවත්තමු කියල අර ඒ කලේ ලෝකේ හොදම සර්ච් එන්ජිම වෙලා තිබිල තියෙන ගුගල් එකට ඇපත් නැති කරලා තියෙන්නේ"
"එතකොට දුවේ අර දුටුගැමුණුය කියන රජතුමාගේ පෙළපතේ කෙනෙක් හිටියේ මොන ඇමති මණ්ඩලේද?"
"අහ් එතුමත් අජපස්ස ඇමති මණ්ඩලේම කෙනෙක් තමයි තාත්තේ, එතුමා දෙවෙනි වෙලා ඉදල තියෙන්නේ අජපස්ස පරම්පරාවට විතරයිලුනේ, කොටින්ම කිව්වොත් එතුමා දැක්කම මිනිස්සු වරදක් කරලා තිබ්බොත් තමන්වම ගස් බැද ගන්න තරම් එතුමාගේ බල පරක්‍රමෙලු, එතුමා තමයි ඒ රාජසබාවේ ඉදල තියෙන අවංකම ඇමතිතුමා! එතුමාට පෙන්නන්න බැරි දෙයක්ලු හොරකම, මැරකම, කප්පම් ගැනීම වගේ දේවල්!!!"
"තව තාත්තේ ඒ මණ්ඩලේ ඉදල තියෙනවා ඔලුවට වෙඩි උණ්ඩ තුනක් කිදා බැහැල තිබ්බත් එළකිරි වගේ ජිවත් වෙන්න හයිය හක්තිය තිබ්බ දසමහ යෝදයෙකුත්"
"අනේ මන්ද දුවේ අපිට පින් නැතුව ඇති ඒ වගේ රජකෙනෙකුයි, ඇමති මණ්ඩලේකුයි පාලනය කරන කාලෙක ජිවත් වෙන්න, අපි හැබැවටම පව්කාරයි දුවේ, මටනම් කදුලුත් ආවා අපි එච්චර පිනක් කරලා නැති එක ගැන හිතිලා"
"ඔව් තාත්තේ අපිට ඉස්කෝලේ ඉතිහාස පාඩම කරද්දී අපිටත් ඇඞෙන්න ඔන්න මෙන්න!!!! ටීචර් දවසක් ඇඩුවත් එක්ක අනේ අපි තරම් පව් කාරයෝ කියල"
"තාත්තේ මේ එක නෙමේ මට පාන් පිටි ගන්න සල්ලි දෙනවද?"
"අහ් කතාවෙන් කතාව එකත් අමතක උනා,දැන් පාන් පිටි ග්‍රෑම් 50 ක් කියක් වෙයිද කෙල්ලේ?"
"එච්චර නැහැ තාත්තේ වැඩිම උනොත් රුපියල් 8000 ක් විතර වෙයි!!"
"මොනවා බොල මක්ක කිව්වා!!!!!!! රුපියල් 8000 ක්? උබ දන්නේ නැද්ද දුවේ ඔය අජපස්ස රජකාලේ ඉදන්ම ඔය පාන්ය ඒවාය මේවය කියල දේවල්වල ගණන් වැඩි උනාට ඒ කලේ මිනිස්සු එතුමාට තියෙන ආදරේ වැඩිකමට එතුමා බලෙන් මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්න හැදුවත් මිනිස්සු කැමති වෙලාම නැහැනේ, මම හිතන්නේ දැන් ඔය රජකම් කරන්නෙත් අපිට නොකිව්වට එතුමාගේම පරම්පරාවේ ඇත්තෙක්, අජපස්ස රජතුමනම් කවදාවත් කැමති වෙලා නෑනේ එතුමාගෙන් පස්සේ එතුමාගේ පවූලේ කෙනෙක්ට රජකම දෙන්න!!

                                           ඔබ සැමට සුබ අනාගතයක්!!!!!!!!

8 comments:

  1. හප්පත බොල අපි නැතිවෙයිනේ ඒ වගේ ආශ්චර්යාත්මක කාලයක

    ReplyDelete
    Replies
    1. සැක් ඔව් නේද බන්? ඒ උනාට සතුටු වෙයන් අපිට මේ වගේ සුපිරි රජෙක් යටතේ ඉන්න ලැබුණු එකට :D

      Delete
  2. නියමයි බොල..

    ජය !!

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි සහෝ
      ජය!!

      (මම ඈ)

      Delete
  3. මට නම් පෙනෙන්නෙ අසුබ අනාගතයකි..

    ReplyDelete
    Replies
    1. ලංකාවනේ අක්කේ..................

      (මම ඈ)

      Delete
  4. හික්ස්ස්ස්.... :D

    ReplyDelete
  5. හෑ අවාමයි නේද? වෙල්කම් වෙල්කම් :D


    (මම ඈ)

    ReplyDelete